පන්දුවාර විස්සයි විස්ස කාන්තා සහ පිරිමි ලෝක ක‍්‍රිකට් කණ්ඩායම් අද (04) ප‍්‍රකාශයට පත්කෙරුණා.
සෑම ලෝක කුසලාන තරගාවලියකින්ම පසු මෙලෙස ලෝක කණ්ඩායම් ප‍්‍රකාශයට පත්කෙරෙනවා. ඒ, ඒ වන විට දක්ෂතා අතර ඉහළින්ම සිටින ක‍්‍රීඩකයින් ඇතුළත් කරමින්.
අද නම් කෙරුණු පන්දුවාර විස්සයි විස්ස ලෝක පිරිමි කණ්ඩායමට හෝ කාන්තා කණ්ඩායමට කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු හෝ ක‍්‍රීඩිකාවක ඇතුළත්ව නොසිටීම විශේෂත්වයක්.
පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස ඉන්දීය ක‍්‍රීඩක විරාත් කෝලි නම් කර තිබෙනවා. කාන්තා කණ්ඩායමේ නායිකාව වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායිකා ස්ටෙෆනි ටේලර්.
කණ්ඩායම් දෙකේ සම්පූර්ණ නාමලේඛන පහතින් බලන්න


EmoticonEmoticon