මරණ සහතිකයක් නැතිව දේහයක් ආදාහනය කෙරේ

මරණ සහතිකයක් නොමැතිව දේහයක් ආදාහනය කළ පුවතක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙම ආදාහනය සිදුකර ඇත්තේ ඇල්දෙණිය ආදාහනාගාරයේදී පෙරේදා (02) පස්වරුවේයි.

මහර ප‍්‍රාදේශීය සභාව විසින් එහි පරිපාලනය සිදුකරනවා. එහෙත් මෙම ආදාහනය සඳහා ඔවුන්ගෙන් හෝ නිසි අනුමැතියක් ලබාගෙන නැහැ.

මහර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත වන්නිආරච්චි මහතා විසින් අදාළ දේහය සුසාන භූමිය වෙත රැගෙනවිත් ඇතැයි ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මියගොස් ඇත්තේ 147/ 02 කිරිල්ලවල වෑබඩ ලිපිනයේ පදිංචිව සිටි මැයි නෝනා නමැත්තියක්.


EmoticonEmoticon