තරග සංචාරයකට එක්වීම සදහා ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායම ලබන ජූලි මස අවසානයේ ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා. එ් ටෙස්ට් තරග 3 කට, එක්දින තරග 5 කට සහ පන්දුවාර විස්ස තරග දෙකකට සහභාගිවීම සදහායි.
ඊට අදාළ තරග කාලසටහන මේ වන විට ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන ජූලි 26 වැනිදා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
දෙවන ටෙස්ට් තරගය අගෝස්තු මස 4 වැනිදා ගාල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන අතර 3 වන ටෙස්ට් තරගය අගෝස්තු මස 13 වැනිදා ආරම්භ වන්නේ කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයේදීයි.
තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ලබන අගෝස්තු මස 21 සහ 24 දිනවල පැවැත්වීමට නියමිතයි. 3 වන සහ 4 වන එක්දින තරග රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී අගෝස්තු 28 සහ 31 දිනවල පැවැත්වෙනවා. 5 වැනි සහ අවසන් එක්දින තරගය සැප්තැම්බර් 4 වැනිදා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරග දෙකකින් සමන්විත ඔස්ටේ‍්‍රලියා - ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් මස 6 වැනිදා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වෙනවා. දෙවන පන්දුවාර විස්ස තරගය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයකට එක් වන්නේ වසර 5කට පසුව වීමද විශේෂත්වයක්. ඔවුන් අවසන් වරට 2011 වසරේදී මෙරට තරග සංචාරයකට එක් වූ තරග එහිදී තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3 ට දෙකක් ලෙසත්, තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1 ට බින්දුවක් ලෙසත් ජය ගත්තා. දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය 2 ට බින්දුවක් ලෙස ජය ගත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

EmoticonEmoticon