හයිබි‍්‍රඞ් රථයක ලක්ෂ 50ක හෙරොයින්

හෙරොයින් ග‍්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු කඳානේදී පොලිසිය විසින් අද (08) අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයකින් එම මත්කුඩු තොගය ප‍්‍රවාහනය කරමින් තිබියදීයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ හදිසි වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික වනවා.


EmoticonEmoticon