චීන මහජන සමූහාණ්ඩුව සහ ශී‍්‍ර ලංකාව අතර විශේෂ ගිවිසුම් 7කට අත්සන් තබා තිබෙනවා.
එ් චීන අග‍්‍රාමාත්‍ය ලී කචියාන් සහ ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඉදිරියේයි.
නිශ්චිත වරදකරුවන් හුවමාරු කර ගැනීම, වෙළෙඳ සහ ආයෝජන අවබෝධතා, තාක්ෂණ අවබෝධතා වකුගඩු රෝග පරීක්ෂා කිරීමේ ජංගම රථ ව්‍යාපෘතිය යන ක්‍ෂේත‍්‍රවලට අදාළව මෙහිදී ගිවිසුම් අත්සන් කෙරුණා.
මීට අමතරව චීන සංවර්ධන බැංකුව සහ ශී‍්‍ර ලංකා මහ බැංකුව අතර අවබෝධතා ගිවිසුමක්ද එ් අතරට අයත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීම සහ චීන ස්වභාවික විද්‍යා පදනම සහ ශී‍්‍ර ලංකා ජාතික විද්‍යා පදනම අතර අවබෝධතා ගිවිසුමකටද මෙහිදී අත්සන් කෙරුණා.
මේ අතර චීන යුආන් මිලියන පන්සියයක ප‍්‍රදානයක් ශී‍්‍ර ලංකාවට පිරිනැමීමටද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී එරට අග‍්‍රාමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.
චීන අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ මෙරට ආයෝජන, කර්මාන්ත කලාප හා කාර්මීකරණ ව්‍යාපෘති සඳහා තම රජයේ පූර්ණ රජයේ සහාය ලබාදෙන බවයි. හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ දෙවන අදියර සඳහාද පූර්ණ සහාය ලබාදෙන බවද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරානයකට අනුව ලබන වසරේදී තමන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන බවයි චීන අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.
චීනය හා ශී‍්‍ර ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් දෙරට අතර පවතින වෙළෙඳ පරතරය අවම කිරීමට හැකිවනු ඇති බවත්, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

EmoticonEmoticon