ලොරියක් පෙරලී පාරක් වැසෙයි

දඹුල්ලේ සිට බගවන්තලාව දක්වා සහල් ටොන් දහයක් ප්‍රවාහානය කළ ලොරි රථයක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩි සෙන්ජොන් ඩිලරි ප්‍රදේශයේදි මාර්ගයෙන්  ඉවතට පැනීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (08) ඇණහිට තිබෙනවා.

සැහැල්ලු වාහන පමණක් එම මාර්ගයේ ගමන් කළ හැකි අතර බර වාහන එම මාර්ගයේ ධාවනය කිරිමට නොහැකි නිසා මගින් විශාල පිරිසක් දැඩි අසිරුතාවයකට පත්වි තිබෙනවා.

ලොරි රථය ධාවනය වෙමින් තිබු අවස්ථාවේ  ප්‍රධාන මාර්ගයේ කාණුවේ කොටසක් කැඩී යෑම නිසා ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි අනතුර පිළිබඳ පරික්‍ෂණ පවත්වන නොර්වුඩි පොලිසිය පවසන්නේ.

එම මාර්ගයේ ඇණහිට ඇති ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා නොර්වුඩි පොලිසිය කටයුතු කරමින් සිටිනවා. 







EmoticonEmoticon