මහින්දට දුන් ආණ්ඩුවේ බංගලාව

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් කොළඹ 07 විඡේරාම මාවතේ පිහිටි බංගලාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පදිංචිවීම සඳහා ලබා දී ඇතැයි අමාත්‍ය රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛණයක දැක්‌වෙනවා.


රාජපක්‍ෂ මහතාගේ පරිහරණය සඳහා 2015 අගෝස්‌තු මස 28 දා සිට මෙම නිවස වෙන්කර දී ඇතැයිද මෙම ලේඛණයේ සඳහන් වනවා.


විඡේරාම මාවතේ බී 106 දරන බංගලාව මෙලෙස වෙන් කරදී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.


උදය ගම්මන්පිල මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මෙම ලේඛණය සභාගත කර තිබෙනවා


උදය ගම්මන්පිල මහතා මේ වන විට සිටින්නේ විදෙස්ගතවයි.


(උපුටා ගැනීම දිවයින/අජිත් අලහකෝන්/කුෂාන් සුබසිංහ)



EmoticonEmoticon