එක් රටක් සමග පවත්නා සබඳතාව තවත් රටකට අහිතකර නොවන මූලධර්මය මත ශී‍්‍ර ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය පදනම්ව ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ජර්මානු පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති කාර්යාලයේදි හමු වූ අවස්ථාවේදියි.
එහිදී ඔවුන් විමසා ඇත්තේ අසල්වැසි රාජ්‍යයන් විෂයෙහි ශී‍්‍ර ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය හා එම රටවල් සමග ඇති සබඳතා පිළිබඳවයි.
ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉන්දියාව සමග ශී‍්‍ර ලංකාවේ සබඳතාවයට ශත වර්ෂයක ගණනාවක ඉතිහාසයක් ඇති බවයි.
වැදගත් ආර්ථික දැවැන්තයෙකු වන චීනය සමගද ශී‍්‍ර ලංකාව බොහෝ ක්‍ෂේත‍්‍රයන් හිදි ප‍්‍රබල සබඳතා පවත්වන බවයි මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.

EmoticonEmoticon