යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට අතිරේක පොලිස් ආරක්‍ෂාවක් ලබාදී තිබෙනවා.
ඒ, දිස්ති‍්‍රක් ලේකම් එන්. වේදනායගම් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.
ඉඩම් අයිතිය ඉල්ලා කිසියම් පිරිසක් යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඉකුත්දා උද්ඝෝෂණයක නිරත වුණා.
ඔවුන් දොරවල් කඩා කාර්යාලය තුළට බලහත්කාරයෙන් ඇතුළුවීමටද උත්සාහ කළ බවයි නෙත් නිවුස් යාපනය වාර්තාකරු පැවසුවේ.
ඒ වනවිටත් යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ආරක්‍ෂාවට යොදවා තිබුණු අතර දැන් එම සංඛ්‍යාව වැඩිකර තිබෙන බව දිස්ති‍්‍රක් ලේකම් එන් වේදනායගම් මහතා කියාසිිටියා.
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon