අනුරාධපුරය හිදෝගම ප්‍රදේශයේ ඇගලූම් කර්මාන්ත ශාලාවකින් රුපියල් දහතුන් කෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා ඇඳුම් තොගයක් සොරාගෙන තිබෙනවා. හිදෝගම පොලිසිය පැවසුවේ සොරකම් කල ඇඳුම් වලින් ලක්ෂ පනහක් වටිනා ඇඳුම් මේ වන විට සොයා ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ සවස අත්අඩංගුවට ගත් දෙදෙනා අතර, කාන්තාවක් ද සිටිනවා. ඇය ප්‍රධාන සැකකරුගේ බිරිදයි. ප්‍රධාන සැකකරු කොච්චිකඬේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මේ වන විට සැඟවි සිටිනවා. අනුරාධපුරය හිදෝගම ප්‍රදේශයේ පිහිටි මෙම ඇගලූම් කර්මාන්ත ශලාවේ අපනයනයට සුදානම් කර තිබු ඇගලූම් තොගයක් පසුගිය 02 අලූයම සොරකම් කර තිබුණා.
ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු කටුනායක ගෝවින්න ප්‍රදේශයේ කුඩා ඇගලූම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන අයෙක්. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව හිඳගම පොලීසිය ප්‍රකාශ කලා.
දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකාරිය හා සැකකරු අද අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි
EmoticonEmoticon