පෞද්ගලික රෝහල්වල සිදුකෙරෙන රසායනාගාර පරීක්ෂණ සඳහා සාධාරණ මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ පළමු අදියරේදී රසායනාගාර පරීක්ෂණ 33 ක් සඳහා මිල නියම කරන බවයි.
පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා අවම වශයෙන් විනාඩි 10 ක් වැය කළ යුතු බවට ද ප‍්‍රමිතියක් ඇතිකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පෞද්ගලික රෝහල් නියාමනය යටතේ මෙම කටයුතු සිදුකෙරෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
අදාළ රෙගුලාසි නියමිත පරිදි කි‍්‍රයාත්මක කෙරෙන්නේදැයි සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත්කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
ඇතැම් රෝහල්වල සිදුවන බව කියන අකටයුතුකම් වැළැක්වීම සඳහා රහසිගත පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබෙනවා. රෝහල් පරිශ‍්‍රයන් තුළ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කිරීම වළක්වාලීම මෙහි ප‍්‍රමුඛ අරමුණක්. ඇතැම් රෝහල්වල සේවකයින් රෝගීන්ට ආකාරුණික ලෙස සලකන බවට ද පැමිණිලි ලැබී තිබෙනවා. රහසිගත පරීක්ෂා කිරීම්වලදී ඒ පිළිබඳව ද සොයාබලන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ.
EmoticonEmoticon