ඉන්දීය යුද නැව් දෙකක් සහ තවත් නැවක් කොළඹ එයි

ඉන්දීය නෞකා 3ක් පුහුණු සංචාරයක් සඳහා අද (15) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියා. ඒ, ඉන්දීය නාවික හමුදාවට අයත් සුජාතා සහ වීර් යන යුද නෞකා දෙක සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් වරුණ නෞකාවයි.

ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකා සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර අනුව පිළිගත්තා. 

ශ‍්‍රී ලංකාව සමග සිදුකෙරෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු ලබන 19 වෙනිදා ඒවා නැවත පිටව යාමට නියමිතයි. 


EmoticonEmoticon