එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාවට අනුව සංහිඳියාව ඇති කිරීමේ සහ වගවීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ලෙස අමෙරිකාව ශ‍්‍රී ලංකාවෙන් නැවත ඉල්ලා සිටිනවා.
ඒ සඳහා ශ‍්‍රී ලංකාව දිරිගැන්වීමට සහ අවශ්‍ය සහාය ලබාදීමට ද තමන් සූදානම් බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ කාර්යංශයේ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි කියා සිටියේ.
2015 වසර සඳහා ලොවපුරා රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව පෙරේදා එළිදැක්වුණා. සංහිඳියාව ඇති කිරීම සදඟා ශ‍්‍රී ලංකාව සාධනීය පියවර කිහිපයක්ම ගෙන තිබුණද තවදුරටත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ද ශ‍්‍රී ලංකාවේ සිදුවන බවයි එහි සඳහන් වුණේ. ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බව කියන විවිධාකාරයේ වදහිංසා , පැහැරගැනීම් හා ලිංගික අඩත්තේට්ටම් 11ක් පිළිබඳව ද එයින් කරුණු දක්වා තිබුණා.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබ`ද කාර්යංශයේ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි ඉහත අදහස් පළ කළේ ඊට සිය ප‍්‍රතිචාර දක්වමින්.
මේ අතර උදා වූ අලූත් අවුරුද්දේදී පැරණි විරසකයන් අමතක කර සහයෝගයෙන් අලුත් ගමනක් ආරම්භ කරන ලෙස බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සියලු ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ වත්මන් පාලනය යටතේ මානව හිමිකම් සහ සංහිිිඳියාව යන ක්ෂේත‍්‍රවලින් ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ප‍්‍රගතිය තමන් අගය කර සලසන බවයි.
කෙසේ වෙතත් ආණ්ඩුවේ මෙම කැපවීම තවදුරටත් අපේක්ෂා කරන බවද බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ති්ිබෙනවා.

EmoticonEmoticon