ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති සුදු කොඩි චෝදනාව මුළුමනින්ම සාවද්‍ය එකක් බව කොටි කාන්තා බලකායේ හිටපු නායිකාව වූ (අභාවයට පත් )තමලිනීගේ ග්‍රන්ථය නිසා තියුණු ලෙස හෙළිදරව් වී තිබෙනවා.
තමලිනී සිය ග්‍රන්ථයේ දක්වා ඇත්තේ වන්නි මෙහෙයුමේ අවසාන සටනේ යුද්ධය මෙහෙයවීම ප්‍රභාකරන්ගේ පුත් චාලස් ඇන්තනී සිදුකළ බවයි.
මෙම ග්‍රන්ථයෙහි සුදු කොඩි ඔසවා යටත්වන ලෙස ප්‍රභාකරන් නියෝග කළ බව සඳහන් කර නැත.
තමලිනීගේ ග්‍රන්ථය නිසා කෝපයට පත්ව ඇති ඊළාම් ඩයස්පෝරාව එම ග්‍රන්ථයේ පිටපත් විනාශ කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
එම ග්‍රන්ථය යුරෝපයේ කිසිදු ද්‍රවිඩ පොත් සාප්පුවක අලෙවි කිරීම ද ඊලාම් ඩයස්පෝරාව තහනම් කර ඇති බව ද වාර්තාවනවා.
දිවයින ඇසුරෙන්
EmoticonEmoticon