ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් රටක ජනතාව විසින් නායකත්වයට සහ පක්ෂයකට ලබාදෙන බලය කෙසේ භාවිත කළ යුතුද, එ් තුළ තමන්ට හිමිවන ස්ථානය කුමක්ද යන්න පිළිබඳ, සියලු දේශපාලනඥයින් අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පැවසුවේ ජනතාව ලබාදෙන බලය තම පවුල ශක්තිමත් කර ගැනීම හෝ දේශපාලන බලය වැඩිකර ගැනීමට හෝ භාවිතා නොකළ යුතු බවයි.
මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියකේ ජන්ම ශත සංවත්සර සැමරුම් උළෙලට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස කටයුතු කිරීමේදී අංක එක හිමිවන්නේ රට සහ ජනතාව වෙනුවෙන් බවයි

EmoticonEmoticon