‘යුද්ධයක් ඕනෑ දකුණේ පක්ෂ වලටයි : කොටි යළි හිස ඔසවන්නේ නෑ‘

උතුරු පළාත් සභාපති කියයි
කොටි ත්‍රස්තවාදය කිසි විටක යළි හිස මසවන්නේ නැති බවත්, යළි කිසිවිටක මෙරට යුද්ධයක් ඇති නොවන බවත්, දකුණේ දේශපාලන පක්ෂවලට යළිත් යුද්ධයක අවහ්‍යතාවක් ඇති වී තිබෙන බවත් උතුරු පළාත් සභාවෙි සභාපති සී වී කේ සිවඥානම් මහතා පැවසීය
යාපනය චාවකචිචෙිරි ප්‍රදේශයේ නිවසකින් හමුවූ මරාගෙන මැරෙන බෝමිබ ඇදුමි කටිටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය පිළිබද දකුණේ සාවද්‍ය ප්‍රචාරයන් ව්‍යාප්ත වී ඇති බවද හෙතෙම කීවේය.
කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සිය තනි තීරණය මත තනි කැමැත්ත මත යුද කළ බවත්, ඔහුගේ මරණින් පසු කොටි සංවිධානය ද නැති වී ගිය බවත්, යළි කිසිවිටක කොටි සංවිධානය පණ නොගැහෙන බවත් සිවඥානම් සඳහන් කළේය.
යුද්දයෙන් සිය අයිතිවාසිකමි දිනා ගත හැකිවේ යැයි කිසිදු විශ්වාසයක් දෙමළ ජනතාවට නොමැති බවත් හෙතෙම කීය.


EmoticonEmoticon