පිටබැද්දර කුඩගලහේන ප‍්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ රහසිගතව පවත්වාගෙන ගිය බූරු පිටියක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
සැකකරුවන් දස දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
එළැඹෙන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විනෝදය සඳහා මෙලෙස සූදුවේ යෙදුණු බව සැකකරුවන් ප‍්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම බූරු පිටිය කලක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවයි.
EmoticonEmoticon