සිසුවෙක් නිසා පුද්ගලයෙක් මියයයි

රියදුරු බලපත‍්‍රයක් නොමැති වයස අවුරුදු 18ක සිසුවෙකු විසින් පදවන ලද ති‍්‍රරෝද රථයක ගැටීමෙන් හංවැල්ල කලුඅගල්ල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අදාළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇතැයි හංවැල්ල පොලීසිය ප‍්‍රකාශ කළා. 

රියදුරු බලපත‍්‍ර නොමැති පාසල් වයසේ පසුවන සිසුන් අතින් සිදු වූ අනතුරු රැසක් ඉකුත් කාලසීමාවේදී වාර්තා වුණා.

වෛද්‍ය නිලංග සමරසිංහ මහතා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ති‍්‍රරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් ඔහු විශේෂ ආචාර ධර්ම පද්ධතියක්ද හඳුන්වාදීමට තීරණය කර තිබුණේ මෙම තත්ත්වය පදනම් කර ගනිමින්.

එහි ඇතුළත් එක් කරුණක් වූයේ ති‍්‍රරෝද රථ බලපත‍්‍ර ලබා ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 25ක් බවට පත්විය යුතු බවයි. 


EmoticonEmoticon