හබරාදුව හැඩිවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ලොරියක් දුම්රියක ගැටීමෙන් අද (09) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
ගේට්ටුව වසා තිබියදී ලොරිය දුම්රිය මාර්ගය හරහා ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ලොරියේ රියදුරු සහ ගේට්ටුවේ මුරකරු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව ලොරියේ රියදුරු මියගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ. ඔහු හබරාදූව ප‍්‍රදේශයේම පදිංචි 77වන වියේ පසුවූවෙක්.

EmoticonEmoticon