උතුරු කොරියාව නැවත වරක් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.
මෙවර ඔවුන් අත්හදා බලා ඇත්තේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්. මෙම අත්හදා බැලීම සාර්ථකව සිදුවූ බවට උතුරු කොරියාව නිල නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
මේ අනුව අමෙරිකාවට ඕනෑම මොහොතක න්‍යෂ්ටික ප‍්‍රහාරයක් එල්ල කිරීමට තරම් තමන් දැන් ශක්තිමත් බවයි උතුරු කොරියාව වැඩිදුරටත් පවසන්නේ.
උතුරු කොරියාවේ මෙම න්‍යෂ්ටික අත්හදා බැලීම් ලෝක සාමයට තර්ජනයක් බව බටහිර රටවල අදහසයි.
ඔවුන් මෙම අත්හදා බැලීම් වහාම නතර කළ යුතු බවද බටහිර රටවල් අවධාරණය කරනවා.

EmoticonEmoticon