අධිවේගී මඟේ යන්න පොලිසියෙන් කියාදෙයි

එළැඹෙන සිංහල සහ දෙමළ අලූත් අවුරුදු සමයේ දක්ෂිණ අධීවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලීසිය විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදු කරනු ලැබ තිබෙනවා.

ඒ ඇතිවිය හැකි රථ වාහන තදබදය හා අනතුරු අවම කර ගැනීම සඳහායි. 

එ් අනුව පින්නදූව පිවිසුමේ එකවර වාහන දෙකකට පිවිසිය හැකි අන්දමින් පිටවීම් දොරටු දෙකක් ස්ථාපිත කරනු ඇති.

ගොඩගම පිවිසුමේ එකවර වාහන 3කට පිටවිය හැකි පරිදි පිටවීම් දොරටු 3ක් පිහිටුවා ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ගොඩගම පිවිසුමෙන් පිටවන වාහන ප‍්‍රමාණය වැඩිවුවහොත්, ඊට විකල්පයක් ලෙස ඉමදූව පිටවීමේ දොරටුවෙන් පිටවී කනංකේ, වැලිගම නගරය හරහා සහ කොක්මාදූව පිවිසුමෙන් පිටවී වැලිගම නගරය හරහා ගොස් ගාලු පාරට පිවිසිය හැකියි.

පිටවීමේ දොරටුව ආසන්නයට පැමිණෙන විට නියමිත මුදල ගෙවීම සඳහා සූදානම්ව මුදල් අතැතිව පැමිණෙන්නැයි පොලීසිය සියලු රියැදුරන්ට දැනුම් දෙනවා.

රිය ධාවනය කරන වේගය පිළිබඳවද වඩා සැලකිලිමත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

බීමත්ව රිය පැදවීමෙන් වළකින ලෙසටත්, අනතුරුදායක ලෙස භාණ්ඩ ප‍්‍රවාහනය නොකරන ලෙසටත් පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.



EmoticonEmoticon