වියළි කාළගුණයෙන් කිකිළියන් මියයයි

දේශීය වෙළඳපලේ බිත්තර මිල ගණන් සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ රුපියල් 15 ත් 16 ත් අතර පැවති බිත්තරයක සිල්ලර මිල රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ නිසා බිත්තර උපයෝගී කරගෙන නිෂ්පාදනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා. වෙළඳපොළට අවශ්‍ය සැපයුම ලබාදීමට කුකුළු ගොවිපල හිමියන් අපොහොසත් වීම නිසා මෙලෙස බිත්තර මිල ඉහල ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

කුකුළු ගොවිපල ප‍්‍රධාන වශයෙන් පවත්වාගෙන යන ප‍්‍රදේශවලට මේ දිනවල දැඩි වියළි  කාළගුණයක් බලපා තිබෙනවා. මේ නිසා කිකිළියන් මියගොස් ඇති බවයි කුකුළු ගොවිපල හිමිකරුවන් පවසන්නේ. මෙම තත්වය මත බිත්තර නිෂ්පාදනයද සියයට 30 කින් පමණ පහත බැස තිබෙනවා.








EmoticonEmoticon