පෙම්වතියක් හේතුවෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් ඇතිවුණා. නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පැවසුවේ මම තිත්ත ඇත්ත කතා කරන මිනිහෙක් බවයි. මේ දැනුත් ජෝන් අමරතුංග ඇමතිවරයා තමාට බැන වැදී ගිය බව රාමනායක මහතා පැවසූවේ කඩා දැමුණු මංතීරු ප්‍රශ්නය ගැන කතා කිරීම ඊට හේතුව බවයි.
තමන්ගේ මිත්‍රයකුද වන නිළියක් හා පෙම් සබඳතා පවත්වන හිටපු ඇමති වෙල්ගම මහතාට විරුද්ධවද තමා පැමිණිළි කර ඇති බවද, වරද දුටු තැන හිතවත් කම බල නොපාන බවද රාමනායක මහතා මෙහිදී පැවසුවා.
ඒත් සමග නැගී සිටි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පැවසුවේ තමා නාකි ගැහැනුන් සමග නොයන බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් රාමනායක මහතා කියා සිටියේ වෙල්ගම මහතාගේ නිළි පෙම්වතියට තමාද පෙම් කර ඇති බවය.
EmoticonEmoticon