ද්විත්ව ඝාතනයේ සැකකරු භාරවෙයි

තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසියට භාර වී තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ සැකකරු කොළඹ කෙසෙල්වත්ත පොලීසියට භාර වී ඇති බවයි. සෙල්ල කතරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු වැඩිදුර විමර්ශණ සඳහා කතරගම පොලිසියට භාර දී තිබෙනවා.

කතරගම, සෙල්ල කතරගම - බුත්තල මාර්ගයේ මරුවංගුව අසල ඇළක තිබී තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කළ පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනුනේ ඊයේ (06) පෙරවරුවේයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක සහ 45 ක පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු බවයි පොලීසිය පැවසුවේ.


EmoticonEmoticon