අනවසර ගිනිඅවි රජයට භාරදීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2016 අප්‍රේල් මස 25 වැනිදා සිට 2016 මැයි මස 05 වන දින දක්වා අනවසර ගිනිඅවි රජයට භාරදීමේ පොදුසමා කාලය ක්‍රියාත්මක කෙරෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
මෙම පොදුසමා කාලය තුළ තමා සන්තකයේ ඇති අනවසර ගිනිඅවි ළඟම ඇති පොලිස් ස්ථානයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දීමට හැකියාව තිබෙනවා.

EmoticonEmoticon