උතුරේ ෆෙඩරල් ඉල්ලන යෝජනාවට දින දෙයි

උතුරට ෆෙඩරල් පාලනයක් ලබාගැනීම සහ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් ඉටුකර ගැනීමට අපේක්‍ෂිත තවත් කරුණු ඇතුළත්ව උතුරු පළාත් සභාව සකස් කරන යෝජනාවක් විවාදයට ගෙන සම්මත කිරීම ලබන 28 වනදාට කල් තැබුණා.

මෙම යෝජනාව විවාදයට ගැනීමට මුලින් නියම කර තිබුණේ අද (12) දිනයේදීයි. කෙසේවෙතත් යෝජනාව කෙටුම්පත් කිරීම තවමත් අවසන් කර නොතිබීම නිසා විවාදය කල්තැබීමට තීරණය කර තිබෙනවා.

උතුරු පළාත් සභාව විසින් සම්මත කිරීමෙන් පසු මෙම යෝජනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත භාරදීමට නියමිතයි.


EmoticonEmoticon