මාළිගාවත්ත ජාතික වෘක්කවේද කාන්දු පෙරණ හා බද්ධ කිරීමේ ආයතනය සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (12) එහි නිරීක්‍ෂණ චාරිකාවකද යෙදුණු බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
වකුගඩු රෝගී වාට්ටු සහ රුධිර කාන්දු පෙරීමේ ඒකකය නිරීක්‍ෂණය කළ අමාත්‍යවරයා වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය සමග සාකච්ඡාවකද යෙදී තිබෙනවා.
රුධිර කාන්දු කිරීමේ කටයුතු පැය 24 පුරා සිදුකිරීමට එහිදී විශේෂ අවධානයක් යොමු වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ. හෙද කාර්යය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම සදහා නවක හෙද හෙදියන් සහ වෛද්‍ය පුරප්පාඩු පිරවීම සදහා නවක වෛද්‍යවරුන් 12 දෙනෙකු එම රෝහලට අනුයුක්ත කිරීමටද තීරණය කර තිබෙනවා.

EmoticonEmoticon