නාගදීප විහාරස්ථානයේ ඉදිකෙරෙන නව බුද්ධ ප‍්‍රතිමාට එරෙහි යෝජනාවක් උතුරු පළාත් සභාවට අද (12) ඉදිරිපත් කෙරුණා.
ඒ, දෙමළ ජාතික සන්ධානයේ වින්දන් කනගරත්නම් මන්තී‍්‍රවරයා විසින්. අදාළ බුද්ධ ප‍්‍රතිමාවේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙසට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බව මෙම යෝජනාවේ සදහන් කර තිබෙනවා.
කෙසේවෙතත් උතුරු පළාත් සභාවේ පක්‍ෂ විපක්‍ෂ බොහෝ මන්තී‍්‍රවරුන් ඊට විරුද්ධ වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. විපක්‍ෂ මන්තී‍්‍රවරුන් පැවසුවේ මෙවැනි යෝජනා මගින් ජාතිවාදී ගැටලුද ඇති විය හැකි බවයි. මේ අනුව මෙම යෝජනාව සම්බන්ධයෙන් විවාදයක්ද සිදු කෙරුණේ නැහැ.

EmoticonEmoticon