මහින්දට දුන්න විදිහ ගැන ජනපති කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (09) පළමුවරට අදහස් දැක්වූවා. ඒ, බිබිල නගරයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ බදුල්ල දිස්ති‍්‍රක් සම්මන්ත‍්‍රණයට එක්වෙමින්.

මැතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතාට හමුදා ආරක්‍ෂාවක් ලබාදුන් බවයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී ප‍්‍රකාශ කළේ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා "මහින්ද රාජපක්ෂ මහත්තයාට 2015 ජනවාරි මාසයේ 10 වැනිදා උදේ තංගල්ලට යන්න හෙළිකොප්ටර් දෙකක් දුන්නා මං. ලෝකයේ සිටින කිසිම රාජ්‍ය නායකයෙන් ඉඩ දෙයිද ඒ ආරක්ෂක හමුදාවල නිලධාරීන්ගෙන් තමන් කැමති අය තෝරාගෙන ආරක්ෂාවට අරං ගෙදර යන්න. කොයි රටේද එහෙම දීලා තියෙන්නෙ කියලා කියන්න මට.. මහින්ද රාජපක්ෂ මහත්තයාට කැමති විදිහට කැප්ටන්ලා, මේජර්ලා, බ්‍රිෙග්ඩියර්ලා, පොලිසියයි, හමුදාවයි මේ ඔක්කොම 226 ක් එක්ක ගියේ. ඒ විතරක් නෙමෙයි. ඒ වෙනකොට ගෙනල්ලා තිබුණ අලුත්ම අධි ආරක්ෂිත වාහන ඔක්කොම අරගෙන ගියෙ එතුමා. මම දැන් අවුරුද්දකට වැඩියි අද වෙනකං ඒ වගේ වාහනයක් ගෙනල්ලා නැහැ." යනුවෙනි.

තමන් ජනාධිපති ධුරයට පත්වී වසරක් ගතවුවද මේ දක්වා හමුදා ආරක්‍ෂාවක් ලබා නොගත් බවද මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වුවා. නව පක්‍ෂ බිහි කිරීමෙන් එම ගැටලුවලට විසදුම් ලැබෙන්නේ නැහැ. ඉතිහාසයෙන්ද ඊට  ඕනෑ තරම් උදාහරණ තිබෙන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.


EmoticonEmoticon