විදුලි දුම්රිය සේවාව කඩිනමින්

විදුලි දුම්රිය සේවාවක් කඩිනමින් ශී‍්‍ර ලංකාව තුළ ඇති කිරීමට කටයුතු කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සහායද ඇතිව එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි. පානදුර නගර සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
 
බස්නාහිර පළාත කේන්‍ද්‍ර කර ගනිමින් ප‍්‍රවාහන මධ්‍යස්ථාන 5 ක් ඉදිකිරීමට කටයුතු කරන බවද පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කියාසිටියා. මේ වන විට කොට්ටාවේ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවෙමින් පවතින බවත් ඉදිරියේදී පානදුරේ, කඩවත, කටුනායක සහ කොටුව ප්‍රදේශ මූලික කරගනිමින් ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකෙරෙන බවත් සඳහන් කළා.


EmoticonEmoticon