ශ්‍යාමෝපාලි මහනිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ නව මහානාහිමියන් ලෙස බදුලු මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් තේරී පත්වුණා.
මේ සඳහා අස්ගිරි පාර්ශවයේ කාරක මහා සංඝ සභාව අද (07)පස්වරු 04.00 ට රැස්වූ අතර එහිදී මෙම පත්කිරීම සිදුව තිබෙනවා.
ඡන්දයකින් තොරව මෙම පත්කිරීම සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්තදස්සී මහනාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව අස්ගිරි පාර්ශ්වයේ මහනායක ධුරය පුරප්පාඩු වූ අතර, ඒ අනුව අද අස්ගිරි පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාව රැස්ව නව මහානාහිමියන් තෝරා පත් කර ගනු ලැබුවා.
EmoticonEmoticon