මහින්දගේ ආරක්ෂාවට 256ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදී ඇති ආරක්‍ෂාව අඩුකර නොමැති බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනවා.


අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මේ වනවිටද හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට 256 දෙනෙකු යොදවා සිටින බවයි.


ඒ අතරට යුද හමුදාවේ සහ පොලීසියේද සාමාජිකයින් අයත්.


ආරක්‍ෂාව ඉවත් කළ බවට පැතිර යන ප‍්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී කියාසිටියේ.


මීට අමතරව ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද යුද හමුදා සාමාජිකයින් පනස් දෙනෙකුගේ ආරක්‍ෂාව ලබාදී ඇතැයි ඔහු පැවසුවා.



EmoticonEmoticon