‘මතින් නිදහස් රටක්’ අද කුරුණෑගලදී (UPDATE)
‘‘මතින් නිදහස් රටක් ’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ පස්වන අදියර කුරුණෑගල දිස්ත‍්‍රික්කයේදී අද (05) සිදුකෙරෙනවා.
ප‍්‍රධාන උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
මෛත‍්‍රී පාලනයක් - ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව මෙම වැඩසටහන සංවිධාන කර තිබෙනවා.
2014ට සාපේක්ෂව 2020 වන විට ශ‍්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප‍්‍රවාහනය සහ අලෙවිය සියයට 80කින් අඩු කිරීම මෙහි ප‍්‍රමුඛ අපේක්ෂාවක්. ඒකපුද්ගල මද්‍යසාර භාවිතය සියයට 25කින් අඩු කිරීමට ද, දුම්කොළ නිෂ්පාදන භාවිතය සියයට 50කින් අඩු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකාය විසින්. පාසල් සිසුන්, සිවිල් සංවිධාන සහ කි‍්‍රයාකාරී පුරවැසියන් ද ඊට සහභාගි කර ගැනෙනවා.
මෙම වැඩසටහනේ පළමු අදියර සිදුකෙරුණේ ගම්පහ දිස්ත‍්‍රික්කයේදීයි. දෙවන අදියර ගාල්ල දිස්ත‍්‍රික්කයේ ද, තුන්වන අදියර කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සහ හතරවන අදියර කොළඹ දිස්ත‍්‍රික්කයේ ද සිදුකෙරුණා.
මීට සමගාමීව නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ද වැඩිකර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
...........................................................................................................
‘මතින් නිදහස් රටක්’ පස්වන අදියර කුරුණෑගලදී
2016-04-04 15:37:48
‘‘මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ පස්වන අදියර කුරුණෑගලදී හෙට (05) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
2014ට සාපේක්ෂව 2020 වන විට ශ‍්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප‍්‍රවාහනය සහ අලෙවිය සියයට 80කින් අඩු කිරීම මෙහි එක් අරමුණක් වනවා.
ඒකපුද්ගල මද්‍යසාර භාවිතය සියයට 25කින් සහ ඒකපුද්ගල දුම්කොළ භාවිතය සියයට 50කින් ද අඩු කිරීමට ද මෙමගින් අපේක්ෂිතයි.
EmoticonEmoticon