යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේ නිවසකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ සෙසු පුපුරණද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අද (04) නියෝග කළා.
අදාළ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ චුම්භක බෝම්බ යාපනය විශේෂ කාර්ය බළකාය විසින් නිෂ්ක‍්‍රීය කෙරුණු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු එඞ්වඞ් ජූලියන් හෙවත් රමේෂ් නමැත්තෙකු බවද ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. නඩුව ලබන 20 වෙනිදා යළි කැඳවීමට නියමිතයි.
EmoticonEmoticon