අප්‍රේල් 14 වැනිදා ශ්‍රී ලංකාවට හිරු මුදුන්ව පායන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. දහවල් 12 සිට පස්වරු 12.50 වන තුරු එසේ ප්‍රදේශ කීපයක හිරු මුදුන්ව පැවැතියත් උෂ්ණත්වය ඉහළ යන්නේ නෑ කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.
මේ දිනවලදී අන්තර් මෝසම් වැසි අපේක්ෂා කරන අතර එලෙස වැසි සක්‍රිය වුවහොත් පසුගිය මාස කීපය පුරාවට පැවැති නියං කාලගුණික තත්ත්වය පහව යනවලු..
පසුගිය 4 දා සිට පෘථිවියට සූර්යා මුදුන්වීම ආරම්භ කෙරුණු අතර අද (7දා) දහවල් 12.13 වන විට මහර, ගිනිගත්හේන, කිරිවෙල්ගොඩ, නෙවිගල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. ඊට අමතරව හෙට (8දා) දහවල් 12.12ට දඹදෙණිය, කටුනේරිය, සමන්තුරේ, වත්තේගෙදර ප්‍රදේශවලට හිරු මුදුන් වෙයි.
මේ මස 9දා දවල් 12.12ට වස්ගමුව ජාතික උද්‍යානය, බත්තුළුඔය ප්‍රදේශවලටද 10දා දවල් 12.12ට පරච්චන්කේති, රිටිගල, මැදගම යන ප්‍රදේශවලටද 11 දින දවල් 12.11ට සාම්පූර්, පලුගතුරෙයි කැදෑව, බණ්ඩාර කුඹුක්වැව ප්‍රදේශවලටද හිරු මුදුන් වෙයි. 12දා දවල් 12.11ට පදවිය, මඩු, නොච්චිකුලම්, ප්‍රදේශවලටත්, 13දා දවල් 12.11ට උලියන්කුලම්, වෙල්ලන්කුලම් හා කුලමුරිප්පු ප්‍රදේශවටලත් හිරු මුදුන් වෙයි. 14දා 12.11ට හිරු මුදුන් වන්නේ වීරතලායි, මුල්ලියන් හා වෙඩුකාඩු ප්‍රදේශවලටය….

EmoticonEmoticon