බීමත් රියදුරන් 688 ක් අල්ලයි

බීමතින් රිය ධාවනය කළ රියදුරන් 688 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අද (13) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් බීමත් රියදුරන් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එ් අතර යතුරු පැදි රියදුරන් 119 දෙනෙකු සහ ති‍්‍රරෝද රථ රියදුරන් 66 දෙනෙකු සිටිනවා. පෞද්ගලික බස් රථ රියැදුරෙකු සහ ලංගම රියදුරෙකුද එ් අතර වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.


EmoticonEmoticon