සමාජ ජාලා වෙබ් අඩවියක් වන ෆේස් බුක් ඔස්සේ හදුනා ගත් තරුණියකට පෙම් කළ තරුණයෙකු ඇය වෙනත් විවාහයක් සිදු කර ගැනීමට සුදානම් වන පුවත අසා ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී හමුවී තිබෙනවා.
මහවැව වැවට ආසන්නයේ ඇති කජු ගසක ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති මෙම තරුණයාගේ මළ සිරුර ඊයේ (12) පෙරවරුවේ මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් සොයා ගැනුනා.
මෙසේ මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය - සසදයාය පදිංචිකරුවෙකු වන මහේෂ් පුෂ්පකුමාර අලහකෝන් නමැති වයස අවුරුදු 21ක තරුණයෙකු බවට හදුනාගෙන තිබෙනවා.
මිය ගොස් ඇති තරුණයා ඇඳ සිටි කලිසමේ සාක්කුවක තිබූ පොතක සටහන් වී තිබූ දුරකථන අංකයක් ඔස්සේ මාරවිල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එම දුරකථන අංකයට ඇමතුමක් ලබා ගැනීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි මාරවිල පදිංචි කාන්තාවක් සහ තරුණියක් මිය ගොස් ඇති අයව හඳුනාගෙන තිබෙනවා. එම තරුණිය මහවැව නගරයේ පුද්ගලික ආයතනක සේවය කරන තැනැත්තියක්.
මිය ගොස් ඇති තරුණයා ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ තමන්ව හදුනා ගෙන දුරකථනයෙන් සම්බන්ධතා පැවැත්වූ බවත්,පසුව ඔහු හා විවාහ වන ලෙස තමන්ට යෝජනා කළ බවත් තරුණිය පවසා තිබෙන අතර තමන් එම යෝජනවාට අකමැති වීමෙන් අනතුරුව තමන්ගේ මව හමුවී ඔහු නැවතත් විවාහ යෝජනාව ඉදිරිපත් කර ඇති බවද ඇය කියා සිටියා.
මිය ගොස් ඇති තරුණයා කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පමණක් තමන් සමග පවසා ඇති බවත්,ඔහු තම දියණිය හා විවාහ වනවාට අකමැත්ත පල කළ බවද තරුණියගේ මව පවසා තිබෙනවා.
මිය ගොස් ඇති අය තමන්ට නිතර දුරකථන ඇමතුම් ලබා දීම හේතුවෙන් මීට දින තුනකට පෙර තමන් වෙනත් දුරකථන අංකයක් පවිච්චි කිරීමට පටන් ගත් බවත්, නොබෝ දිනකින් තමන් වෙනත් අයෙකු හා විවාහ වීමට සුදානමින් සිටින බවද මෙම තරුණයාට කියා සිටි බවයි තරුණිය වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
කෙසේ වෙතත් මිය ගොස් ඇති අයගේ මළ සිරුර බාර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවත්,ඔහු කාගේ කව්රුන්ද යන්න නොදන්නා බවද තරුණිය හා ඇයගේ මව පවසා තිබෙනවා.
මිය ගොස් ඇති තරුණයා නිල් පැහැති කලිසමක් සහ සුදු පැහැති අත් දිග ටී ෂර්ටයක් සහ සපත්තු පැළද සිටි අතර ඔහුගේ කරේ තිබුණු ගමන් මල්ල තුළ පිහියක්ද තිබී ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.


EmoticonEmoticon