කුසල්ගේ තහනම ගැන මහේල කතා කරයි

කුසල් ජනිත්ට පනවා ඇතැයි කියන තරග තහනම සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

තමන් අදාළ තහනම සම්බන්ධයෙන් කුසල් ජනිත් සමග දුරකථනයෙන් කතා කළ බවයි මහේල ප‍්‍රකාශ කර තිබෙන්නේ.

එහෙත් එවැනි තහනමක් සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් මෙතෙක් සිදුකර නැතැයි කුසල් ජනිත් ප‍්‍රකාශ කළ බව මහේල සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

ලබන මැයි මාසයේ ද තමන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බව කුසල් ජනිත් ප‍්‍රකාශ කර තිබෙනවා.

එහිදී තමන් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි කුසල් ජනිත් මහේල ජයවර්ධනට ප‍්‍රකාශ කර තිබෙන්නේ. 

එම ට්විටර් සටහන පහතින් බලන්න

 මේ අතර ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රකාශකයෙකු උපුටා දක්වමින් බී.බී.සී. ලෝක සේවය සඳහන් කරන්නේ එවැනි තහනමක් කුසල් ජනිත්ට මේ දක්වා පනවා නොමැති බවයි. 

කෙසේ වෙතත් ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ ප‍්‍රකාශ කළේ කුසල් ජනිත්ට වසර 4ක තරග තහනමක් පනවා ඇති බවයි.
 


EmoticonEmoticon