සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරවල රැඳවූවන්ට ද වරප‍්‍රසාද කිහිපයක් හිමිවනවා.
ඒ අනුව අද (13) සහ හෙට (14) දෙදින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පිටතින් පැමිණෙන සිය හිතවතුන් හමුවීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
පිටතින් ගෙන එන ආහාර ලබාගැනීමට ද මෙම දින දෙකේදී රැඳවූවන්ට අවසරය ලැබෙනවා.
මීට අමතරව හෙට උදෑසන සියලු රැඳවූවන් සඳහා කිරිබත් සහිත උදෑසන ආහාර වේලක් ද ප‍්‍රණීත ආහාර සහිත දහවල් ආහාර වේලක් ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හෙට (14) ලබාදීමට නියමිතයි.

EmoticonEmoticon