මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට ළමයින් යොදාගැනීම දස ගුණයකින් වැඩිවෙයි

නයිජීරියාවේ බොකෝහරාම් ඉස්ලාමීය සටන්කාමීන් විසින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස ළමයින් යොදාගැනීම ගෙවුණු වසර තුළ දස ගුණයකින් වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

2014 වසරේදී මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා බොකෝහරාම් ඉස්ලාමීය සටන්කාමීන් විසින් යොදා ගැනුණේ ළමයින් 4 දෙනෙකු පමණයි. එහෙත් 2015 වසරේදී ළමයින් 40 දෙනෙකු ඔවුන් මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා යොදාගෙන තිබෙනවා.

බොකෝහරාම් ඉස්ලාමීය සටන්කාමීන් විසින් යොදාගන්නා සෑම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ළමයෙකු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

මෙම ළමා බෝම්බකරුවන්ගෙන් හතරෙන් තුනක්ම ගැහැණු ළමයින් බව අදාළ වාර්තාවන්හි දැක්වෙනවා.

ප‍්‍රහාරයන් සඳහා යෙදවීමේදී ළමයින්ට මත්ද්‍රව්‍ය ලබාදීමට ද බොකෝහරාම් ඉස්ලාමීය සටන්කාමීන් කටයුතු කරන බවයි අනාවරණ වී තිබෙන්නේ. 

  


EmoticonEmoticon