පොලිස්පති විශ්‍රාම ගිය උත්සවයේදී මතභේදයක්

එන් කේ ඉලංගකෝන් මහතා පොලිස්පති ධුරයෙන් විශ‍්‍රාම ගැනීම වෙනුවෙන් පෙරේදා පැවති උත්සවයට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මෙම උත්සවය සදහා පොලිස් නිලධාරීන්ට ආරාධනා කිරීම පැවරී තිබුණේ මැතිවරණ හා පරිපාලන කටයුතු භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාටයි.

කෙසේවෙතත් සෙසු සියලු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උත්සවය සදහා ආරාධනා කර තිබියදී ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩි එස් ගුණවර්ධන මහතාට පමණක් නිල ආරාධනයක් ලැබී තිබුණේ නැහැ.

එස් ඒ ඩි එස් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති එස් එම් වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති අතර මතභේදය සමථ කර තිබෙන්නේ ඔහු මැදිහත් වීමෙන්. 

මේ අතර පොලිස්පති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමේදී තමන් වෙත ලැබුණු සියලු ත්‍යාගයන් එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් නැවත පොලිස් දෙපාර්තමේන්තුවට පිරිනමා තිබෙනවා.  


EmoticonEmoticon