ශී‍්‍ර ලංකාවේ සංචාරක ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් චීනය සමග ගිවිසුමක් අත්සන් තැබීමට සූදානම් බව සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. අගමැතිවරයාගේ චීන සංචාරයේදී ද මේ පිළිබඳව අවධානය යොමු වී තිබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ වසරේ සංචාරක ඉලක්කය මිලියන 2.5 ක් බවත් ලෝකයේ විවිධ රටවල විවිධ ආරවුල් ඇති වෙන විට සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නට අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉදිරියේදී චීන සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එවිට පැන නැගී ඇති ගැටලුව නම් ඔවුන්ගේ මගපෙන්වන්නන් ලෙස චීන ජාතිකයින්ම යොදා ගන්නේද නැතිනම් මෙරට පිරිස්ම පුහුණු කර යොදා ගන්නේද යන්න බවත් සඳහන් කළා.
ඉදිරියේදී තමා මේ පිළිබඳව අවධානය යොමු කිරීමට චීනය බලා පිටත්ව යන බවත් එහිදි සංචාරක මගපෙන්වන්නන් සඳහා මෙරට පිරිස් යොදා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් සඳහන් කළා.
ඒ සඳහා සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කරන මෙරට පිරිස් කඩිනමින් චීන භාෂාව ඉගෙන ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මේ අතර සංචාරකයන්ට හිරිහැර සිදුකරන කල්ලියක් බස්නාහිර වෙරළ තීරය ආශි‍්‍රතව සැරිසරන බවද සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ නිසා ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි. සංචාරක ප‍්‍රවර්ධනය උදෙසා කොළඹ සිට සීගිරිය දක්වා සුඛෝපභෝගි සංචාරක බස් සේවාවක් ආරම්භ කිරීම සදහා පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ද එලෙස හිරිහැරයට ලක්වන බවයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් කියාසිටියේ.
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon