ගොඩගම පිවිසුම ළඟ අධිබල විදුලි කණුවක් බිම (PHOTOS)

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් අධිවේගී පිවිසුම් මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මාතර, හිත්තැටිය, ධර්මරාජ විද්‍යාලය අසලදී අද (10) උදෑසන මෝටර් රථයක් අධිබල විදුලි කණුවක ගැටී ඇති බවයි.

මේ නිසා මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා. ප‍්‍රදේශයේ විදුලි සැපයුමටද බාධා එල්ල වී ඇති බවයි  වාර්තාකරු පැවසුවේ.



EmoticonEmoticon