ටෙලිකොම් සභාපතිගේ 'ගෙවල් කුළියට එරෙහිව' ඇමති හරීන් නැගී සිටි -

ටෙලිකොම් සභාපතිවරයාට රුපියල් හත්ලක්‍ෂ විසි පන්දහසක මුදලක් ගෙවල්  කුළී දීමනාව ලෙස ලබාදීම සඳහා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා විරෝධය පළ කර තිබෙනවා.


කෙසේවෙතත් තමන්ට එම තොරතුරු වාර්තා වූ වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ බවයි හරීන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ.


ඒ සම්බන්ධයෙන් කළ දැනුම්දීමෙන් පසු ටෙලිකොම් ආයතනයේ සභාපති පී ජී සිරිසේන මහතා ඊට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූ බව ද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළා.


මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඉදිරියේ දී ජනාධිපතිවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමට නියමිතයි.



EmoticonEmoticon