ධීවර ව්‍යාපාරිකයා කෝච්චියට පැනලා - ජනප්‍රිය සංගීත ශිල්පියාගේ බිරිඳ ඔහුගේ ඇඳ මත මැරිලා!

ඝාතනය කරන ලද බවට සැකකරන කාන්තාවගේ සහ දුම්රියට පැන සිය දිවි නසා ගත් පිරිමි අයෙකුගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලෙස මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී අර්ථනායක මහතා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.
 
 

මෙසේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලෙස නියෝග කරන ලද්දේ වෙන්නප්පුව - උල්හිටියාව පදිංචිව සිටි යූ.සුජිත් රොෂාන් ප්‍රනාන්දු සහ ඉෂාණි සුභාෂිණී ප්‍රනාන්දු නම්වූ අනියම් අඹු - සැමි යුවළකගේ මළ සිරුරු සම්බන්ධයෙනුයි.
 
 
ඊයේ(09)දහවල් නාත්තන්ඩිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පුද්ගලයෙකු දුම්රියට පැන සිය දිවි නසා ගෙන ඇති බවට මාරවිල පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.
 
 
එම අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ තිබී යතුරු පැදියක් සහ දින පොත් දෙකක්ද මාරවිල පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
 
 
මිය ගොස් ඇති අය වෙන්නප්පුව - උල්හිටියාවේ පදිංචිකරුවෙකු වන සුජිත් රොෂාන් රනිල් ප්‍රනාන්දු නම්වූ ධීවර ව්‍යාපාරිකයා  බවට පොලිසිය විසින් හඳුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
 
ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් දැණුම් දීම සඳහා උප පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඇති අයගේ නිවසට ගොස් ඇති අතර නිවස වසා දමා තිබීම ‍‍හේතුවෙන් අසල්වැසියන් සමග එක්ව නිවසේ ජනේලයක් විවෘත කර බැලීමට ඔහු කටයුතු කර තිබෙනවා.
 
 
එහිදී දැක ගැනීමට ලැබී ඇත්තේ නිවසේ කාමරයක් තුළ ඇඳක් මත ඉෂාණි සුභාෂිණී නම්වූ කාන්තාව මිය ගොස් ඇති ආකාරයයි.
 
 
සිය දිවි නසා ගෙන ඇති සුජිත් රොෂාන් යන අය කලින් විවාහ වී සිටින දෙදරු පියෙක් වනවා.
 
 
ඔහුගේ බිරිඳ මේ වන විට ඉතාලියේ සේවය කරමින් සිටින බවයි පැවසෙන්නේ.
 
 
ඉෂාණි සුභාෂිණී නම්වූ මරණයට පත්ව ඇති කාන්තාවද කලින් විවාහ වී සිටින එක් දරු මවක් වන අතර ජනප්‍රිය සංගීත කණ්ඩායමක ශිල්පියෙකු වන ඇයගේ සැමියා අතහැර ගොස් තිබෙනවා.
 

මොවුන් දෙදෙනා විවාහ වී නොමැති නමුත් මීට මාස දෙකකට පමණ පෙර සිට අඹු - සැමියන් ලෙස ජීවත් වී ඇති බවයි පොලිසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.




EmoticonEmoticon