නව රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (06) දිවුරුම් දීම සම්බන්ධයෙන් මේවන විට දේශපාලන ක්ෂේත‍්‍රයේ විවිධ අදහස් මතුවෙමින් පවතිනවා.
ලක්ෂ්මන් සෙනවිරත්න මහතා නව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර මනූෂ නානායක්කාර මහතා විදේශ රැකියා ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. පාලිත තෙවරප්පෙරුම මහතා දිවුරුම් දුන්නේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
මෙම දිවුරුම් දීමත් සමග වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 20ක් දක්වා වැඩි වනවා. නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන 25 දෙනෙක්. ජනාධිපතිවරයා ද ඇතුළත්ව කැබිනට් මණ්ඩලයේ 46 දෙනෙකු සිටිනවා. මේ අනුව කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මුළු සංඛ්‍යාව 91ක්.
කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ වත්මන් ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංගණය කරමින් කටයුතු කරන බවයි. එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කරන්නේ අද වන විට ජාතික ආණ්ඩුවක්ද නොමැති බවයි. ආණ්ඩුව දිනෙන් දින සිය බලය වැඩි කර ගැනීමේ කටයුතුවල නියැලී සිටින බවත් සඳහන් කළා.
නව පත්කිරීම් සම්බන්ධයෙන් සිතා බැලීමේදී යහපාලන ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් මනාව අවබෝධ වන බවයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මොහොමඞ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේ. යහපාලන ආණ්ඩුවේ සංස්කෘතික නියෝජ්‍ය ඇමතිකම ලබා දී ඇත්තේ මර්වින් සිල්වා පන්නයේ වැඩ කරන අයෙකුට බවත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජනතා විමුක්ති පෙරමුණෙන්ද විමසීමක් කළා. එම පෙරමුණේ ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ ආණ්ඩුව රටේ ජනතාවට දුන් බලාපොරොත්තු එකින් එක බිඳ දමමින් කටයුතු කරමින් ඇති බවයි.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව සීමා කර තිබෙනවා. තනි පක්ෂයක් බලයේ සිටින විට සිටිය හැකි කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 ක්. කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවද 40 ට වඩා අඩු විය යුතුයි.
ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති අවස්ථාවක මෙම සංඛ්‍යාව වෙනස් කළ හැකි වුවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවයි 19 වන සංශෝධනයෙහි දැක්වෙන්නේ. ඒ අනුව නව පත් කිරීම්වලින් ව්‍යවස්ථා උල්ලංගණයක් සිදුව ඇති බවයි පැවසෙන්නේ.
EmoticonEmoticon