අලුත් අවුරුදු නැකැත් ගැන මත ගැටුම්


මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ජ්‍යොතීර්වේදයේ ඇතැම් කරුණු නොසලකා හරිමින් බවට ජ්‍යොතීර්වේදීන් පෙන්වා දෙනවා. පාරම්පරික ජ්‍යොතීර්වේදී ඇල්පිිටියේ ඉන්දික බෙන්තරවිතානගේ මහතා පෙන්වා දෙන්නේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ නැකත ජ්‍යොතීර්වේදයේ ඇති කරුණු නොසලකා හරිමින් සකස් කර ඇති බවයි.

මෙවර නැකැත් සීට්ටුව අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම යෙදී ඇත්තේ අපේ‍්‍රල් මස 13 වන බදාදා දිනයටයි. කෙසේවෙතත් අලුත් අවුරුදු උදාවද අපේ‍්‍රල් මස 13 වනදාම සිදුවනවා. අලුත් අවුරුදු උදාව සිදුවන දිනය පරණ අවුරුද්දේ චාරිත‍්‍ර සඳහා යොදා නොගන්නා බවයි පාරම්පරික ජ්‍යොතීර්වේදී ඇල්පිිටියේ ඉන්දික බෙන්තරවිතානගේ මහතා පෙන්වා දෙන්නේ. 

සංක‍්‍රාන්ති දිනය පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමට යොදා ගන්නේ නම් අලුත් අවුරුද්දේ නැකැත් සඳහා ඊට පසු දිනය යොදා ගැනීම ජ්‍යොතීර්වේදය අනුව සිදුවන බවයි ඉන්දික බෙන්තරවිතානගේ මහතා පෙන්වා දුන්නේ. 

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමට අපේ‍්‍රල් මස 11 වන සදුදා දිනය වඩාත් යෝග්‍ය වන බවයි ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
මේ අතර මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත‍්‍රානුකූලව ඊයේ (06) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වනු ලැබුවා


EmoticonEmoticon