දේශපාලන අරංචි මාර්ග අනාවරණ කළේ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ කළ කථාවක් ප‍්‍රතික්ෂේප කරමින් විජේදාස රාජපක්ෂ මහතා ප‍්‍රසිද්ධියේ සමාව ගෙන ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම උණුසුම් වචන හුවමාරුව ඇතිවී ඇති බවයි.
මෙහිදී පළමුව අදහස් දක්වා ඇත්තේ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතායි. එක්තරා අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කරමින් කටයුතු කරන බව ෆොන්සේකා මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. තමන් පාර්ලිමේන්තුවේ කළ මංගල කථාවේදී භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් වෙනත් අමාත්‍යවරු සමාව නොගත යුතු බවත් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළා.
එලෙස සමාව ගැනීමෙන් ආණ්ඩුවේ සාමූහික වගකීම උල්ලංඝනය වන බවයි ෆොන්සේකා මහතා පෙන්වා දී ඇත්තේ. එම අවස්ථාවේදී අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ තමන් එලෙස සමාව ගත් බවයි. ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට මහාසංඝරත්නයේ ආශිර්වාදය අවශ්‍යවනවා. එම නිසා තමන් එලෙස සමාව ගත් බවයි විජේදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ.
එම අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා සහ විජේදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා. කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එය සමථයකට පත්කර තිබෙනවා.

EmoticonEmoticon