මැලේරියා පරපෝෂිතයා නැතත් මදුරුවා තවම ශ‍්‍රී ලංකාවේ

මැලේරියා රෝගය ඇති කරන පරපෝෂිතයින් ශ‍්‍රී ලංකාවෙන් තුරන් කර ඇතත්, වාහක මදුරුවන් තවමත් ශ‍්‍රී ලංකාවේ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ නිසා මැලේරියා ආසාධනය වී විදේශයන්ගෙන් පැමිණෙන පුද්ගලයින්ගෙන් ශ‍්‍රී ලාංකිකයින්ට මැලේරියාව ආසාධනය විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මැලේරියාව ආසාධනය වූ ඉන්දියානුවෙකු ඉකුත් දා නුවරඑළිය ප‍්‍රදේශයෙන් හමුවුණා.

පසුව ඔහු රටින් පිටත් කර යැවූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.


EmoticonEmoticon