යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේ නිවසකින් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ සෙසු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර රැුදවුම් නියෝග මත ඔහුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන බවයි පොලීසිය කියාසිටියේ.
එහිදී හෙළි වූ තොරතුරුවලට අනුව අදාළ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට තීරණය කර තිබෙනවා.
දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා වැඩිපුරම දුරකථන ඇමතුම් ලබාගෙන ඇත්තේ මෙම විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනාට බවයි දුරකතන දත්ත වාර්තාවලින් හෙළි වී තිබෙන්නේ.

EmoticonEmoticon